COMPILER
මුලින්ම මම කැමතියි computer program එකක් කියන්නෙ මොකක්ද කියලා සහ programming language එකක් අපිට අවශ්‍ය වෙන්නෙ මොකටද කියලා දැනගන්න. මොකද අපි තේරුමක් නැතිව දෙයක් ඉගෙන ගෙන වැඩක් නෑනෙ.. සරලව කිව්වොතින් අපිට වගේ computer එකට දෙයක් හිතලා කරන්න බැරි නිසා එයාට කියලා අපිට මොකක් හරි දෙයක් කරගන්න ඕන නම් අපිට ඒක කරන විදිය මුලින්ම එයාට කියලා දෙන්න වෙනවා. මෙහෙම එයාට කියලා දෙන්න ලියන උපදෙස් (instructions) වල එකතුවට තමයි computer program එකක් කියලා කියන්නෙ.
ඇත්තටම computer එකට අපිට තේරෙන සිංහල, ඉංග්‍රීසි, දෙමළ වගේ භාෂාවන් තේරෙන්නෙ නැහැනේ.. ඒ වගේම computer එකට තේරෙන machine language එක අපිට තේරෙන්නෙත් නැහැනේ.. ඉතින් ඔන්න ප්‍රශ්නයක් මතු වෙනවා දැන් අපි කොහොමද එයාට එ් කරන විදිය කියලා දෙන්නෙ කියලා. අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදියට තමයි programming languages හදලා තියෙන්නෙ. මේ programming languages හදලා තියෙන්නෙ අපිට තේරෙන භාෂාවට (English) ගොඩක් සමීප වෙන විදියට නිසා අපිට මේවා ඉගෙන ගන්න එච්චර අමාරු වෙන්නෙත් නෑ.. දැන් මේ programming language එක computer එක සහ අපි අතර අතරමැදියෙක් විදියට ඉඳගෙන අපිට computer program එකක් ලියන්න අවස්ථාව හදලා දෙනවා.
ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් computer එකට තේරෙන්නෙ machine language එක විතරක් නම් මෙහෙම අපි programming language එකක් use කරලා ලියන program එක එයා කොහොමද තේරුම් ගන්නෙ කියලා. .ඇත්තම කිව්වොත් programming languages වල compiler කියලා කෙනෙක් ඉන්නවා. මෙයා තමයි අපිට තේරෙන විදියට programming language එකක් use කරලා ලියන program එක computer එකට තේරෙන විදියට හරවලා දෙන්නෙ. ඉතින් ඒ කියන්නෙ programming language එකක තියෙන ප්‍රධානම දෙයක් තමයි compiler කියන්නෙ. මොකද අපිට තේරෙන භාෂාවෙන් ලියන program එක එයා computer එකට තේරෙන භාෂාවට හරවලා දෙන්නෙ නැතිනම් අපිට program එකක් ලියන්න බැරි වෙනවානෙ..
දැන් කට්ටියට program එකක් කියන්නෙ මොකක්ද compiler කියන්නෙ මොකක්ද programming language එකකින් මොකක්ද කරන්නෙ කියලා idea එකක් තියෙන නිසා අපි කෙලින්ම වැඩේට බහිමු. මුලින්ම අපි බලමු C++ වලින් program එකක් ලියන කොට අනිවාර්යෙන්ම ලියවෙන්න ඕන දේවල් මොනවාද කියලා. ඒ කියන්නේ ඕනෑම C++ program එකක් ලියද්දි අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙ මොනවද කියලා බලමු.
මම මෙතෙන්දි Falcon C++ software එක use කරනවා.....මොකද ගොඩක් අය Falcon C++ වලින් වැඩ කරන හින්දා.........
දැන් අපිට මේ file එකේ අපේ C++ program එක ලියන්න පුළුවන්. එහෙම C++ program එකක් ලියද්දි හැම එකකම ලියවෙන්නෙ එකම විදියට.. ඉතින් අපි මුලින්ම අන්න ඒ ආකෘතිය කොහොමද කියලා බලමු.
උඩ රූපෙ පේන විදියට මුලින්ම #include<iostream> කියලා ගහන්නම ඕනෙ. මේවායේ තේරුම් දැන්ම ඕනෙ නෑ .....සරලවම තේරුම කියන්නම් හැබැයි....iostream කියන්නෙ input output stream කියන එකයි....තේරුන් නෑ වගේනම් ඒ ගැන වැඩිය හිතන්න එපා.... මතක තියාගන්න C++ program එකක් ගහන්න කලින් මේක අනිවාර්යෙන්ම ලියවෙන්න ඕනෙ කියලා. ඒ වගේම මෙතන තියෙනවා using namespace std; කියලා එකක් ඒකත් අනිවාර්යයෙන් තියෙන්නම ඕනේ......තේරුම පස්සෙ කියා දෙන්නම්..... . ඊට පස්සෙ int main() කියලා ලියන්න ඕන. program එක ලියවෙන්නේ මෙන්න මේ main() කියන function එක ඇතුලෙ. මතක තියා ගන්න ගොඩක් programming languages වල මොකක් හරි දෙයක් යටතේ codings තියෙනවා නම් එ්වා { } (curly braces) ඇතුලෙ තමයි ලියන්නෙ. දැන් අපි කලින් කිව්වා වගේ int main() කියන එක යටතේ අනෙක් codings ලියන නිසා තමයි int main() කියලා ලියපු තැනින් { එකක් දාලා පටන් අරගෙන codes ඉවර වුනාට පස්සෙ } දාලා ඉවර කරන්නෙ.
මේ C++ program structure එක හොඳට ඔලුවට ගන්න. ඒක වරදින්න දෙන්න එපා. අනිවාර්යෙන්ම මේ ටික ලියවුනේ නැතිනම් අපේ program එකේ error එකක් එනවා. දැන් මම කියලා දෙන්නම් අපිට ඕන දෙයක් කොහොමද program එකකදි print කරන්න දෙන්නෙ කියලා. ඒකට පහතින් පේන රූපෙ විදියට C++ වල function එකක් දීලා තියෙනවා cout<< කියලා.
මේකෙදි මතක තියාගන්න අපි double quota (" ") ඇතුලෙ ලියන හැම දෙයක්ම ඒ විදියටම මෙයා print කරනවා. ඒ කියන්නෙ අපි space තිව්වොත් එයා ඒ space එකත් එහෙමම තියලා තමයි print කරන්නෙ. ඉතින් අපිට මෙන්න මේක නම් ගොඩක් වටිනවා. මොකද අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය විදියටම එහාට මෙහාට දාලා print කරන්න මේක ගොඩක් වටිනවා. ඊට අමතරව කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි අපිට අළුතින් line එකකට යන්න ඕන වුනොතින් කරන්න තියෙන්නේ අළුත් line එකට යන්න ඕන තැනදි \n කියලා type කරන එක විතරයි.
මේකෙදි Hello World කියලා print වෙලා අළුත් line එකක SRILANKA කියලා print වෙන්න ඕන නිසා තමයි \n කියන එක Hello World කියන එක ඉවර වුන තැනින් ලියලා තියෙන්නෙ..
ගොඩක් programming languages වල මොකක් හරි code line එකක් ඉවර වුනාට පස්සෙ ඒක ඉවර වුන තැනින් ; (semicolon) එකක් තියන්න ඕන. එහෙම නැතිනම් කොච්චර හොඳට program එකක් ලිව්වත් එක line එකක හරි semicolon දාලා නැතිනම් මුළු program එකම run වෙන්නෙ නෑ error එකක් එනවා. ඒකට හේතුව තමයි අපි ලියන මේ program එක computer එකට තේරෙන භාෂාවට හරවන compiler ට අපි මේ ලස්සනට enter කර කර space තිය තියා ලියන program එකේ ඔක්කොම space අයින් වෙලා එකම line එකක් වගේ තමයි එයාට පේන්නෙ.. ඉතින් එතකොට එයාට අළුත් code statement එකක් පටන් ගත්තා කියලා දැනගන්න බැරි නිසා එයාට කියලා තියෙන්නෙ අපි එකක් ඉවර වෙන තැනින් තමයි semicolon එක තියන්නෙ ඔයාට එහෙම semicolon එකක් අහු වෙනකන්ම එක statement එකක් විදියට ගන්න කියලා. දැන් අපි බලමුකො අපිට පේන විදියයි compiler ට code එක පේන විදියයි අතරෙ කොච්චර ලොකු වෙනසක් තියේද කියලා..
අපිට පේන විදිය
compiler ට පේන විදිය
එහෙනම් අද දවසට මම වැඩේ නතර කරනවා. දැන් මට තේරෙන විදියට අවශ්‍ය මූලිකම ටික හිතන විදිය කියලා දුන්න නිසා ඊළඟ කොටසෙ ඉඳන් මීට වඩා ඉක්මනට අපිට කරන්න පුළුවන් වෙයි. මතක තියාගන්න programming කට පාඩම් කරන්න එපා වෙන දේ තේරුම් අරගන්න. එතකොට ඔයාලට programming කියන එක ආස හිතෙන සරල දෙයක් වෙයි.. ඔයාලගෙ අදහස් මට කියන්න. නොතේරෙන දෙයක් තියෙනවනම් දෙපාරක් හිතන්නෙ නැතුව අහන්න. එහෙනම් ඉක්මනටම නැවත හමුවෙමු.
0 Comments