print(); and println();
කොහොමද කට්ටියට ගොඩක් අය මේ වෙනකොට මගෙ මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා මට messenger හරහා දාලා තිබුනු message වලින් තේරුනා....මේ පෝස්ට් එක ලියන්නෙ ඒ හින්දා ගැම්මෙන්.......අද මම Java Tutorial එකට තවත් අලුත් lesson එකක් එකතු කරන්න යන්නේ.....එහෙනම් අපි පටන් ගමු.........
ඔන්න මම කලින් කියලා දුන්නා Java වල basic ටික. ඒක අතෑරලා නම් වෙන කිසිම
දෙයක් අල්ලගන්න හිතන්නවත් එපා. basic නැතුව ඉගෙන ගන්න කිසිම දේක වැඩක් නෑ..
ඒක නිසා ඒ ටික කාටහරි බලන්න බැරි වුනානම් මෙතනින් ගිහින් ඒක බලලාම එන්නකෝ..
Print()
මෙහෙම command එකක් දෙන්න ඕනෙ දෙයක් print කරගන්නනම්.......ඉතාම වැදගත් දේ තමයි මේකෙ System..out.print("");කියන එකේ S අකුර capital වෙන්න ඕනේ.......ඒක අත්‍යවශ්‍යයි...අපිට print කරන්න ඕනෙ එක වරහන් අස්සෙ තියෙන double quotes ඇතුලෙ ලිව්වාම ඒ ලියපු දේ ඒ විදිහටම print කරගන්න පුලුවන්.......මේක තමයි java වලදි දෙයක් print කරගන්න පාවිච්චි කරන magic code එක.......ඔයා ඉස්සෙල්ල කරපු Hello World එක print වුනේ එහෙමයි......ආයෙ programme එක ලියලා compile කරලා බලන්නකෝ.......හරි print(); එක පාවිච්චි කරන්නෙ ඔන්න ඔහොම දේකට....දැන් බලමු printlnln(); එක පාවිච්චි කරන්නෙ මොකේටද කියලා.......
println()
දැන් අපිට ඕනම දෙයක් print කරගන්න පුළුවන්නෙ.. හැබැයි පොඩි ප්‍රශ්නයක්
තියෙනවා. අපිට Hello World කියලා මුල් පේළියෙ print කරලා ඊළඟ එකේ Sri Lanka
කියලා print කරන්න ඕන වුනා කියලා හිතන්නකො.. අපි code එක ලියලාම බලමුකො.
මෙහෙම මුලින්ම Hello World කියලා print කරලා ඊළඟ line එකේදි Sri Lanka කියලා print කරාට output එක එන්නෙ මෙන්න මේ විදියට..
දැක්කද? හිතුව දේ වුනේ නෑ නේද? ඒකට හේතුව තමයි මේ print() method එකේදි
කරන්නෙ ඒකෙ double quota ඇතුලෙ දෙන දේවල් එහෙමම print කරලා ඒ ඉවර වුන
තැනින්ම cursor එක තියාගන්න එක. එතකොට ආපහු පාරක් print() method එක run
වෙද්දි අන්තිමට cursor එක තියෙන තැන ඉඳන් print කරන නිසා තමයි Hello World
ඉවර වුන තැනින්ම Sri Lanka කියලත් print වෙලා තියෙන්නෙ. එහෙනම් අපි කරන්න
ඕන දේ තමයි Hello World කියලා print වුනාට පස්සෙ cursor එක අළුත් line එකකට
යවන එක.
දැන් බලමු කොහොමද එකක් print වෙලා ඉවර වුනාම cursor එක අළුත් line එකකට
යවන්නෙ කියලා.. මේ print method එක ඇතුලෙදි back slash එකත් එක්ක ( \ ) n
අකුර දුන්නොත් අන්න එහෙම තියෙන තැනදි cursor එක new line එකකට යනවා..
එහෙනම් අපිට දැන් කරන්න තියෙන්නෙ Hello World කියලා print වෙලා ඉවර වුනාට
පස්සෙ \n කියලා ලියලා cursor එක අළුත් line එකකට යවන එක. දැන් අපි එහෙනම්
ඒකත් කරලා බලමුකො..
දැන් අපි Hello World ඉවර වුනාට පස්සෙ \n දීලා තියෙන නිසා Hello World
කියලා print කරලා cursor එක අළුත් line එකකට යවන නිසා අළුත් line එකක තමයි
Sri Lanka කියලා print වෙන්නෙ. එහෙනම් අපේ වැඩේ හරි නේද?
දැන් යම් දෙයක් print කරලා ඉවර වුනාම අළුත් line එකකට යන්න ඕනනම්
හැමතිස්සෙම මෙහෙම \n දෙන එක කරදර නිසා java වලදි ඒකටත් code එකක් දීලා
තියෙනවා.
මේකෙ තියෙන එකම වෙනස print කියන එකෙන් පස්සෙ ln කියලා තියෙන එක විතරයි. ඒ
කියන්නෙ අපිට අළුත් line එකකට යන්න ඕනනම් කරන්න තියෙන්නෙ print එකේ අවසානෙට
\n දාන එක වෙනුවට println method එක use කරන එක විතරයි..
හරි එහෙනම් ඔයාලට මේ කියලා දීපු එක තේරෙන්න ඇති කියලා හිතනවා........නොතේරුනානම් ඔයාලා comment එකක් දාන්න....නැත්නම් contact form එක පාවිච්චි කරලා මට ඒ ප්‍රශ්න eඑවන්න...අපේ මේ blog එකට අලුතින් ඇඩ් වෙන්න ඕනෙ දේවල් එහ්මත් කියන්න.....එහෙනම් අද JAVA lesson එක අවසානයි...ඉක්මනින්ම ආයෙ හම්බවෙමු....ජයවේවා හැමෝටම......
To be continued
Nisal S Jayasekara
0 Comments