Variable And Data Types

මම ඔයාලට common programming concept tutorial series එකේදි  variables ගැන ඔයාලට කියාදුන්නා...........ඒක තාම බලලා නැත්නම් මේ Link   එකෙන් ගිහින් අනිවාර්යයෙන්ම බලලා එන්න මොකද මම මේකෙදි  සම්පූර්ණ විස්තර කිරීමක් කරන්නේ නෑ........මේ ගැන වැඩිය කතා නැතිව එහෙනම් කෙලින්ම පාඩමට යමු......තාම අපේ blog එක follow කරලා නැත්නම් follow කරන්න.....




Variable

 මම  එහෙනම් variable කියන්නෙ මොකක්ද කියලා මතක් කරගෙන යන්නම් ඉස්සෙල්ලම ඇත්තටම මොකක්ද variable  කියාලා කියන්නේ?

 

  • variable එකක් කියන්නෙ ram එකෙන් වෙන් කරගන්න memory space එකකට..
  • variable එකක් හදද්දි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා..
  • පළවෙනි කොටසෙන් දෙන්නෙ data type එක
  • දෙවෙනි කොටසෙන් දෙන්නෙ අපිට ඒ variable එක අඳුරගන්න පුළුවන් වෙන විදියට දෙන name එක
  • variable එකකට value එකක් දාද්දි මුලින්ම data එක දාන්න ඕන variable එකේ නම ලියලා = ලකුණක් දාලා ඉස්සරහින් තමයි value එක දාන්නෙ..
  • මතකද බලන්න අපි int data type එකට 5 කියලා අගයක් දැම්මා ඉස්සෙල්ලා එකේදි.......
 

 Data Types in JAVA


කලින් variable ගැන කියද්දි data type එකක් කියන්නෙ මොකක්ද ඇයි variable එකක් හදද්දි data type එකක් ඕන වෙන්නෙ කියලා කියපු නිසා මම දැන් ආපහු ඒ ගැන කියන්න යන්නෙ නෑ. ඒක නිසා ඒකත් පොඩ්ඩක් බලාගන්න.


දැන් මම කියන්නම් java වල තියෙන data type මොනවද කියලා.. 
java වල data type 8ක් තියෙනවා. පොඩ්ඩක් ඒ ටික මතක තියාගන්න. මම මතක තියාගන්න ලේසි විදියක් කියන්නම්. ඉස්සෙල්ලම බලමු මොනවද data type 8 කියලා.
  • byte
  • short
  • int
  • long
  • float
  • double
  • char
  • boolean
දැන් තියෙන ප්‍රශ්නෙ කොහොමද මේවා මතක තියා ගන්නෙ කියන එක නේද? අපි ඒකට මෙහෙම කරමු. මේවා use කරන type එක අනුව group කරලා මතක තියාගමු. එතකොට ලේසි වෙයි..
 
පූර්ණ සංඛ්‍යා, ඒ කියන්නෙ integer තියාගන්න පුළුවන් data type 4ක් තියෙනවා.
  • byte
  • short
  • int
  • long
දශම සංඛ්‍යා, ඒ කියන්නෙ floating points තියාගන්න පුළුවන් data type 2ක් තියෙනවා..
  • float
  • double
ඊළඟට characters තියාගන්න එක data type එකක් තියෙනවා. මතක තියාගන්න මේ data type එකේ තියාගන්න පුළුවන් එක character එකක් විතරයි. එක අකුරකට වඩා තියාගන්න බෑ..
  • char
අන්තිමටම තියෙන්නෙ logic එකක්, ඒ කියන්නෙ true හරි false ද කියලා හරි තියාගන්න පුළුවන් data type එකක්..
  • boolean
දැන් ටිකක් හරි මතක තියාගන්න ලේසියි නේද? integers තියාගන්න පුළුවන් data type 4යි, floating point තියාගන්න data type 1යි, character වලට data type 1යි, logic වලට data type 1යි එකතු වෙලා තමයි java වල data type 8ක් ඇවිල්ලා තියෙන්නෙ..
 

 
 දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි integer වලයි floating point වලයි එකම type එකේ data දාන්න මෙහෙම data type ගොඩක් හදලා තියෙන්නෙ කියලා නේද? ඒකට හේතුවයි මොකක්ද මේ java වල තියෙන casting කියන එකයි, මොකක්දමේ casting ඇයි casting ඕනෙ වෙන්නෙ කියලා අපි ඉස්සරහදි කතා කරමු......එහෙනම් අදට පාඩම ඉවරයි.......ප්‍රශ්න තව මොනවහරි එකතු වෙන්න දේවල් තියෙනවනම් comment කරන්න නැත්නම් මට inbox msg එකක් දාන්න....එහෙනම් හැමෝටම සුබ දවසක්....ඉක්මනින්ම ඊලග lesson එකෙන් හමුවෙමු......ජයවේවා හැමෝටම.....


To Be Continued

NISAL S JAYASEKARA