Introduction of System Analysis And Design


 ඉතිං කට්ටියට කොහොමද?ගොඩක් අය මගෙන් system analysis කියන්නෙ මොකක්ද ඒක තේරෙන් නෑනේ කියලා පුලුවන්නම් මේක ගොඩදාලා දෙන්න කියලා ඉල්ලපු හින්දා අද ඉදන් මේ lesson series එකත් අනිත් එවට සමගාමීව කරගෙන යනවා.... එහෙනම් අපි අද පාඩම පටන් ගමු......ඊට ඉස්සෙල්ල ඔයාල අපේ blog එක තාම follow කරලා නැත්නම් ගිහින් ඒක follow කරලා ඉන්න........




මොකක්ද මේ system analysis and design කියලා කියන්නේ?.....ඇයි අපි මේක ඉගෙනගන්නේ? මොනවද මේකෙන් අපිට කරන්න පුලුවන්.....හරි මේ post එක බැලුවම ඒ ඔක්කොටම උත්තර හම්බවෙයි......

ඉස්සෙල්ලම අපි බලමු system එකක් කියන්නෙ මොකක්ද කියලා? ඇත්තටම system එකක් කියලා කියන්නේ පද්ධතියකට.......පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද?පද්ධතියක් කියන්නේ අනන්‍ය ක්‍රියාකාරකමක් කරගන්න සැකසුණු අනන්‍ය ලක්ෂණ තියෙන දේකට....ඒ කියන්නේ ටිකක් තේරුනේ නෑ වගේ නේද?
හිතන්න අපේ ඇගේ තියෙන අවයව ගැන ඒ අවයව එකතු වෙලා පද්ධති කියන දේවල් හැදිලා තියෙනවා නේද?
Ex:-රුධිර සංසරණ පද්ධතිය ගන්න ඒකේ ක්‍රියාකාරිත්වය වෙන්නේ ලේ ගමනාගමනය මුලු සිරුර පුරා සිදුකරන්නනේ... ඒ වගේ අනිත් පද්ධති ගැනත් හිතලා බලන්න.....

මම හිතනවා දැන් තේරෙන්න ඇති කියලා මොකක්ද system එකක් කියන්නේ කියලා.....

එතකොට මොකක්ද මේ System Analysis And Design කියන්නේ 

 system analysis and design කියන්නේ අපි හදන System හොදට පරිශීලනය කරලා ඒක analize කරන එක වගේම ඒ හා සමානව හොද System එකක් design කරන්නෙ කොහොමද කියලා අපිට ඉගෙනගන්න තියෙන විශය පථයයි.....;මේකෙදි අපිට හොදින් system analize වගේම system design වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ලැබෙනවා/////මම හිතනවා දැන් මේ subject එකෙන් මොකක්ද වෙන්නේ කියලා Basic Idea එකක් ඇති කියලා......හරි එහෙමනම් අපි දැන් මේකෙ ගැන තවත් ටිකක් කතා කරමු......

 Information System

මොකක්ද මේ information system කියන්නේ....?

 Information System එකක් කියන්නේ තොරතුරු පද්ධතියක් ඒ කියන්නේ අපි Hardware,Software වලින් කරන වැඩ වලදී තොරතුරු  රැස් කරන්නෙ මේ Information System එකෙන්......(DATA,IMAGE,VOICE) මේකෙදි වෙන්නේ Information Manage කරන එකයි....ඒ ගැන වැඩි විස්තර මේ lessons series එක ඉස්සරහට කරගෙන යද්දි ඔයාලට තේරේවි.....

 Main components of an Information System

 

මොනවද Information System එකක ප්‍රධාන සංරචක?Information System එකක Main Components 4 ක් තියෙනවා.....ඒවා මොනවද කියලා අපි බලමු....


  

  • Input  (collects data) (data එකතු කරගැනීම )
  • Processing  (process data)(data process කිරීම )
  • Output (disseminates data)(data ව්‍යාප්ත කිරීම )
  • Feedback 



මේ සම්බන්ධයෙන් දල අදහසක් ගන්න.....


මම මේ post එකෙන් බලාපොරොත්තු උනේ ඔයාලට SYSTEM ANALYSIS AND DESIGN ගැන සරල idea එකක් ලබාදීමයි......අදට පාඩම ඉවරයි එහෙනම්....ගිහින් එන්නම් ඊලග lesson එකෙන් ඉක්මනටම  හම්බවෙමු...... පුලුවන්නම් මගේ blog එක follow කරන්න...
comment එකකුත් දාන්න.....මොකද මට ලැබෙන feedback එකෙන් තමයි මේ blog එකේ post එකක් උනත් වැටෙන්නේ......ජයවේවා හැමෝටම එහෙනම්......




To Be Continued

 NISAL S JAYASEKARA