How To Write Basic Java Programme 

 ඉස්සෙල්ලා post එකෙන් මම ඔයාලට හරියටම java machine එකට දාගන්න හැටි කියලා දුන්නා....මම හිතනවා ඒකෙ අපැහැදිලි තැනක් නතුව ඇති කියලා ....... ඒක බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් ඒක බලල එන්න... 

එහෙමනම් අද මම කියා දෙනවා ඔයාලට සරලවම programme එකක් ලියාගන්නෙ කොහොමද කියලා......එහෙනම් අපි පටන් ගමු......

  • ඔයාලා ඉස්සෙල්ලම Notepad Text Editor එකහරි Notepad++ Text Editor එකහරි open කරගන්න.....
  • හරි එහෙමනම් අපි දැන්  programme එක ලියන්න පටන් ගමු.......

මම දැන් පහලින් දාලා තියෙන  code එක Type කරගන්න.....මේකේ මොකක්ද වෙන්නෙ ඇය මෙහෙම code කරන්නෙ කියන එක ඊටපස්සෙ මම කියල දෙන්නම්.......


 මෙන්න code එක ;


class Programme1{

          public static void main(String args[]){


            System.out.println("Hello World !!");



}

}



 මේ code එක notepad එකේ type කරගන file එක save කරගන්න....මතක ඇතුව save කරනකොට new folder එකක් හදලා ඒකෙ save කරන්න
Programme1.java කියලා ......

Class name එකයි save කරන file name එකයි හැමවෙලේම සමාන වෙන්න ඕනෙ...


Java කියලා කියන්නෙ case sensitive ඒ කියන්නෙ මොකක්ද?🤔
හරි මම පැහැදිලි කරන්නම් case sensitive කියන්නේ Captain ,Simple වරද්දන්නෙ නැතිව code එක ඒ අදාල විදිහටම type කරන්න ඕනෙ......තියන තිතක් පවා හරියටම තියන්න අපි සැලකිය යුතුයි.....ඒ java වල එක්තරා ගුණාංගයක්....


හරි මම හිතනවා ඒ අවුල ලෙහෙන්න ඇති කියලා.....java file save කරනකොට ඇයි අපි class එකට දුන්න නමෙන්ම ඒක save කරන්නෙ 🤔

ඒකටත් හේතුවක් තියෙනවා Java කියන්නෙ Object oriantad progrmming language එකක් object orianted ගැන අපි වෙනමම කතා කරමු......මම මෙතෙන්දි සරලව මේක ලෙහන්නම්.......Java වල මූලිකම දේ class එක......class කියන දේ අපේ පරිසරයෙන් උනත් ගන්න පුලුවන්....අපි හිතමු තන්තු මුල් තියන ගස් සහ අනෙක් ගස් කියල.....ම් ම් නැත්නම් ගන්න UNP, JVP කියල බලන්න ඒව ගැන ටිකක් හිතුවොත් ඒක class එකක් නේද.....දේශපාලන පක්ෂ කියන්නෙම පන්තියක්නෙ.....ඒවයෙ නමෙන් තමයි අපි හදුනා ගන්නෙ ඉක්මනින්ම අදුර ගන්න පුලුවන්නෙ......අන්න ඒ වගේ java වල මේ class එක unique දෙයක්.....ඒ නමෙන් save කරාම java run කරනකොට ඉක්මනටම අදුරා ගන්නවා......පහසුවෙන්ම.....මතක තියාගන්න ඕනෙ දේ තමයි capital,simple මාරු නොකර දීම.....



හරි දැන් බලමු අපි මේ program එකෙන් මොකක්ද කියල තියෙන්නෙ කියලා.......

Class එකක් හැදුවා ඒක හරි ඒක අස්සෙ මොකක්ද මේ තියෙන්නෙ.....

public static void main (String args[])


ඔයාල progrmming මොනවම හරි කරල තියෙනවනම් අහල ඇති function කියල ජාතියක් (C++වලදි ඉගෙන ගෙන ඇති int main() කියල එකක්) මේකට අපි C++ වලදි main function එක කියලා කිව්වා.....හැබැයි java වලදි function කියන වචනෙ වෙනුවට  පාවිච්චි කරන්නෙ method කියන වචනේ.....C++ වලදි function, java වලදි method.............මේ public static void main() කියන method එක java වල main method එක කියලා කියනවා.....ඕනැම progrmme එකක් run වෙන්න පටන් ගන්නෙ main method එකෙන්.......ඒක මතක තියාගන්න......මේ main method එකේ තියෙන වචන වල තේරුම් ඉස්සරහට දාන පෝස්ට් වලින් පැහැදිලි කරන්නම්......එතකම් තාවකාලිකව පොඩ්ඩක් ගිරා පාර්ට් එක දාන්න......

ඊලගට මේ main method  එක අස්සෙ තියෙනව System.out.println("Hello World!!"); කියලා එකක්.....මේ මොකක්ද🤔


මේක තමයි අපි මොකක් හරි print කරගන්න ඕනෙ උනහම java වලදි පාවිච්චි කරන command එක.....හරියට C++ වලදි Cout වගේ.....



හරි මම හිතනවා java වල සරලවම program එක ගැන සරලවම අදහසක් ඔයාලට ඇති කියලා......මේ හැම එකක්ම ඉස්සරහට යනකොට හොද අවබෝධයක් එයි........ඉවසීමෙන් මේ post ටික කියවගෙන යමු.......මාත් පුලුවන් ඉක්මනට මේක කරල ඉවර කරන්න බලනවා අඩුපාඩුවක් නොතිබෙන විදිහට.....මට ඔයාලගෙ සහයෝගය ඕනේ ඒකට.....


හරි දැන් අපි Notepad එකේ progrmme එක ලියලා save කරල ඉවරයි දැන් තියෙන්නෙ run කරල බලන්න........

ඔයාල open කරගන්න cmd එක.........

දැන් ඔයා file එක save කරේ කොහෙද අපි හිතමු Local Disk D එකේ Java කියලා file එකක් ඇතුලෙ Programme1.java කියලා......


හරි දැන් cmd එකෙන් එතනට යන්න ඕනෙ.......එහෙමනම් කොහොමද එතෙන්ට යන්නෙ.....?

cd කියල ගහල D කියල දෙන්න එතකොට D එකට යනව ආයෙමත් cd java කියල ගහන්න එතකොට java කියන file එක ඇතුලට යනවා.....දැන් java කියන file එක ඇතුලෙ  තියෙන Programme1 කියන file එක run කරල බලන්න ඕනේ.........හරි දැන් කරන්න ඕනෙ ගහන්න javac Programme1.java කියලා......program එක හරියට ලිව්වනම් මම හිතනවා error එකක් එන්නෙ නෑ කියලා........හරි දැන් compile වෙලා තියෙන්නෙ.......දැන් අපි බලන්න ඕනෙ මේක වැඩ කරවල ආයෙම ඊට පස්සෙ type කරන්න.......java Programme1 කියල මතක තියාගන්න මෙතෙන්දි .java කියන extention එක අපි use කරන්නෙ නෑ.......හරි දැන් ඔයා මේ හැම පියවරක්ම හරියට කරා නම් ඔයාලට cmd එකේ Hello World!! කියල print වෙලා තියෙනවා දැක ගන්න පුලුවන්.......


මම හිතනවා ගොඩක් අයට තේරෙන්න ඇති කියලා.......නොතේරුනු අයත් ඉන්නවද දන් නෑනේ කමක් නෑ තේරුනත් නොතේරුනත් මේ කිව්ව ටික video එකකිනුත් දෙන්නම්කො 3 min වීඩියෝ එකක් මේකෙ අපි පලවෙනි පෝස්ට් එකේ කතා කරපු විදිහට වෙනස් විදිහට path එක හදන කොටසක් තියෙයි..ඒක දැක්කෙ නෑ වගේ ඉන්න 😂

පෝස්ට් එකත් කියවලා මේ පොඩි video එකත් බලන්න........මම හිතනවා මම කියල දෙන විදිහ තේරෙනව ඇති කියලා.....තේරෙන් නැත්නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න.....තේරෙනවනම් ඒත් comment  එකක් දාන්න......මෙන්න video එකේ link එක:
මෙතනින් ලබාගන්න....


එහෙමනම් java කුප්පියෙන් ආයෙ හම්බවෙනකම් අදට සමුගන්නම්.....ඉක්මනිනම ඊලග post එකත් එක්ක හම්බවෙමු.......ජයවේවා හැමෝටම....

 To be continued ...

-Nisal S Jayasekara-




























  https://goraps.com/fullpage.php?section=General&pub=252975&ga=g