OOP 01
Introduction to OOP
කොහොමද කට්ටියට.....අදනම් ජාවා progrmming එකක් අරගෙන නෙවෙයි ආවේ ඊටත් වඩා වැදගත් ලෝකයේ progrmming වල 95% කට වැඩි පිරිසක් භාවිතා කරන Object oriantad progrmming lesson series එකේ පලවෙනි post එක තමයි මේ.......එහෙනම් කට්ටිය ලෑස්තිද......මේ පටන් ගන්නෙ OOP🖋️🖋️🖋️🖋️🖋️
හරි එහෙනම් අපි පටන් ගමු......මොකක්ද මේ OOP කියන්නෙ? මේක progrmming language එකක්ද? මොකක් සදහාද මේක පාවිච්චි කරන්නෙ? මේක ඉගෙන ගත්තම මොකක්ද කරන්න පුලුවන්...?🤔🤔🤔
මේවගේ නොයෙකුත් ප්‍රශ්න ඔයාලට ඇති ඒ වගේම ඔයාලට මේක අහුවෙලා නැතුව අනාත වෙලත් ඇති ඒ හැම දේකටම උත්තර මේ lesson series එකත් එක්ක හම්බවෙයි....
මොකක්ද මේ OOP කියන්නෙ?
OOP කියන්නෙ progrmming language එකක් නෙවෙයි.....මේක progrmming පහසුකරව ගන්න programmers ලා හදාගත්ත concept එකක්.....මේකෙන් ප්‍රධානව වෙන කාර්යයන් 2ක් තියෙනවා....
හිතන්න මෙහෙම අපි සාමාන්‍යයෙන් program එකක් ලියන්නෙ කොහොමද?එකම file එකක් ලියාගෙන යන එක නේද කරන්නෙ.....මේ රූපෙ තියෙන්ව වගේ
හිතන්න අපිට project එකක් හම්බවෙනවා bussiness එකක system එකක් හදලා දෙන්න කියලා......එතකොට stocks,sales, මේ වගේ හැම දෙයක්ම අපිට අරගෙන progrmme එකට දාන්න වෙනවා හිතන්න එහෙම දාල හදපු progrmme එකේ code 100000 විතර තියෙනව කියලා.......run කරහම error එකක් එනවා......දැන් program කරාට වඩා කාලයක් ඒ error එක හදන්න යයි නේද? කොච්චර අමාරුයිද ඒ වැඩේ......ඉතිං මෙන්න මේ වගේ දිග code ඕනෙ නෑ OOP දන්නවනම්.......අපි java වලදි පාවිච්චි කරන class වලින් stocks වලට එකක් sales වලට තව එකක් වගේ class ගොඩක් එකට එකතු කරල මේක කරොත් කොච්චර ලේසිද? ඒවගේම අලුතින් මොනව හරි add කරන්න ඕනෙනම් ඒකත් ලේසියෙන්ම කරන්න පුලුවන්......OOP හොයාගන්න ඉස්සෙල්ල software එකක් හදනවට වඩා වියදමක් නඩත්තුවට ගිහිං තියෙනවා......ඒ ඇයි? ඉස්සර code කරේ එකම file එකක......කොච්චර අමාරුද වැරදුනු දෙයක් හෙම වෙනස් කරන්න....
මම හිතනවා මේ කිව්ව ටික ඔයාලට තේරෙන්න ඇති කියලා....
අපි මේ OOP concept එක ඉගෙනගන්න java progrmming language එක ඉස්සරහ lesson වල ඉදන් කරගෙන යනවා.......java කියන්නෙ full object orianted progrmming language එකක්........java ගැන අපේ Tutorial එකේදි මම ඒක full OOP වෙන්නෙ ඇයි කියලා පැහැදිලි කරන්නම්......
හරි ආසාවෙන් code කරන්න අලුතින් දේවල් එකතු කරන්න,updates පහසුකර ගන්න මේ OOP නැත්නම් අපිට බෑ.....හරිම ලේසී මේක ඉවසීමෙන් ඉගෙන ගන්න.....කටපාඩම් නොකර තේරුම් ගන්න......ලෝකයේ progrmming වෙනම මාවතකට අරගෙන ගියේ OOP එහෙනම් මගෙ සරල හැදින්වීම ඉවරයි.....මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා.....මේක ගැන හොද නරක ඕනෙම දෙයක් comment එකක් විදිහට දාන්න.....blog එකේ පහලින් තියෙන follow by email කියන එකට ඔයාලගෙ email එක දීල follow කරන්න මගෙ blog එක....මම අලුත් post එකක් දාපු ගමන් ඔයාලට ඒක එනව එහෙම කරහම.....
හරි එහෙනම් අදට ගිහිං එන්නම් ඉක්මන්ටම ඊලග lesson එකන් හම්බවෙනකන් හැමෝටම ජයවේවා.....
To be continued
-Nisal S Jayasekara
https://goraps.com/fullpage.php?section=General&pub=252975&ga=g
1 Comments
Wedenm godk hodi meka nwttnn epa digtm krn ynna..good luck
ReplyDelete