Data structure and Algorithms
introduction
කොහොමද කට්ටියට.....පරිස්සමෙන් ගෙවල් වලටම වෙලා ඉන්නවා නේද?...හරි අද මම ඔයාලට ගේන්නෙ අලුත්ම lesson series එකේ introduction එක......මේක තමයි Data Structure and Algorithms නම දැක්කම මෙලෝ දෙයක් නොතේරුනාට මේක ඉගෙන ගත්තම තේරේවි කොච්චර ලේසිද කියලා....මේ lesson series එකත් අනෙක් tutorial එක්කම කරගෙන යනවා.....එහෙනම් අපි බලමු මොකක්ද මේ Data Structure and Algorithm කියන්නෙ කියලා.....
හරි අපි යමු පාඩමට....ඔයාල IT ඉගෙන ගන්න හැමදේම අයිති වෙන්නෙ Computer Science කියන මහා විෂය පථයට.....මේ computer science කියන එක ඇතුලෙ තියෙන progrmming කියන දේට විශාල වටිනාකමක් ලැබෙනවා........ඔයාල progrmming ඉගෙන ගන්න අයවෙන්න පුලුවන් නැත්නම් progrmming වලින් වැඩ ගන්න අය වෙන්නත් පුලුවන්.....අඩු code ගානකින් programme එකක් ලියන්න හොද idea එකක් ගන්න මේ Data Structure and Algorithm කියන එක ඉතාමත් වැදගත්.....සරල පොඩි Theory ටිකකින් හැදිලා තියෙන මේ subject එක තර්කානුකූලව ඉගෙනගමු ඒ නිසා......
මොකක්ද Data Structure එකක් කියන්නෙ?
Data Structure එකක් කියන එකේ basic idea එක තමයි කොහොමද Data එකක් හරියට process වෙන්නෙ කියන එක.....දැනට ඔය basic idea එක තියාගන්න......අපි ඉස්සරහට මේ ගැන සවිස්තරාත්මකව කතා කරමු.......
එතකොට Algorithm එකක් කියන්නෙ මොකක්ද?
අපි programme එකක් ලියන්නෙ මොකක් හරි ප්රශ්නයකට උත්තරයක් විදිහටනෙ....එතකොට programme එකක් කියන්නෙ set of insructions කියන එකනෙ........programme එකක් එකපාර හිතුණ ගමන් ලියන්න බෑනෙ....ඒකට සැලැස්මක් ඕනෙ පියවරෙන් පියවර අරගෙන යන.....ඒ පියවරෙන් පියවර programme එක complete කරන්න අරගෙන යන ක්රමවේදයට තමයි අපි Algorithm එකක් කියල කියන්නෙ......
මම හිතනවා Data Structure and Algorithm කියන්නෙ මොකක්ද කියල පොඩියට හරි දෙයක් තේරෙන්න ඇති කියලා....මම මේ කියල තියෙන දේවල් සමහරවිට 100% නොතේරෙන්න පුලුවන්....ඒ ගැන කලබල වෙන්න එපා මේ Lesson series එක ඉවර වෙනකොට ඔයාල හැමෝටම මේ ගැන හොද අවබෝධයක් එනවා ඒක sure....ඉවසීමෙන් මේ Lessons එක්ක රැදිලා ඉන්න.......මේකේ තියෙන වැදගත්ම දේවල් ඉස්සරහදි ඔයාලට මම ගේනවා මේක introduction එක.....එහෙනම් ආයෙ අපි හම්බවෙමු......ජයවේවා set එකට.❤❤❤
To be continued
Nisal S Jayasekara
0 Comments