ජීවිතය පටන් ගමු
අපිට තේරෙන කාලෙ ඉදල අපි එක එක හීන පස්සෙ දිව්වා.....සමහර හීන හැබැහින් දැක්කා....සමහර දේවල් අපෙන් ගොඩක් ඈතට ගියා.....සමහර හීන පස්සෙ ගියෙ ඇයි අපි අපිටම කියාගත්තා.......ඇත්තටම අපිට මෙහෙම උනේ ඇයි?...මටම වෙන්නෙ ඇයි?.......ඔයාලත් එකපාරක් හරි මෙහෙම හිතල ඇති නේද?... ඒත් ඇයි මොනව හරි උනානම් අපිට ඒ දේවල් උනේ......එක දෙයක් ඔබ දැන් ඉන්න තත්වයට ගේන්න අත්දැකීම් සැපයුවෙ ඒ හීන.......ඔයාල කවුරුවත්ම අන්තෙටම වැටිලා නෑ කවදාවත්ම....ඒ මොකද කියනවානම් ඔයාලට වඩා පහලින් කොටසක් හැමදාම හිටියා ඔයාලට වඩා කෙල උනු......ඒ වගේම ඔයාලට වඩා උඩින් කොටසකුත් හිටියා ජීවිතේ දිනපු......අපිට ඕනෙ ජීවිතේදි ජයග්රහණය විතරයි.....හැබැයි කවදාහරි ජීවිතේ පැරදුණා කියල කොහෙදි හරි හිතුනොත් ඒ පැරදිලා නෙවෙයි.......ජීවිතේ ලද හොදම අත්දැකීමක් විදිහට ඒක අනාගතයේදී ඔයාලට පෙනේවි......එහෙනම් අපි ජීවිතේ පටන් ගමු......අපි හැමෝම ආසයි සතුට කියන එක ලබාගන්න.....ඒකට හොදම වචනය ඒ වුනාට සතුට නෙවෙයි තෘප්තිය කියන එක තමයි මගේ අදහස නම්......හරි ඒ මොකක් උනත් ඇයි අපිට මේක ඕනෙ..?
තෘප්තිමත් ජීවිතයක් තිබුණොත් තමයි අපිට ජීවිතේ ගෙවෙනවා කියලා දැනෙන්නෙ.....ජීවත් වෙනවා කියන එක හදවතින්ම දැනෙන්නෙ......
ජීවිතය අතෘප්තිමත් නම් ජීවිතය ගෙවෙන්නෑ ගෙවනවා.....මොන කරුමයක්ද මේ ගෙවන්නෙ කියල අපිට හිතෙනවා.......
ඇයි අපේ ජීවිත අතෘප්තිමත් වෙන්නෙ?
ජීවිතය අතෘප්තිමත් වෙන්න බලපාන ප්රදාන හේතු තමයි අපි ගන්න තීරණ සහ තෝරාගැනීම්....එතකොට එන ප්රශ්නය තමයි කොහොමද හරි තීරණ ගන්නෙ සහ නිවරදි තෝරගැනීම් කරන්නෙ.....
හරි මෙහෙමයි ඒක වෙන්නෙ....ඔයාල හැමෝම ගාව තියෙනවා ඔයාල පතන imagine ජීවිතයක් ඔයාල හැමෝටම ඒක තමයි ඕනෙ......එතකොට ඔයා තමයි ඔයා ගැන හරියටම දන්න එකම කෙනා....ඔයාට ඕනෙ මොනවද? ඔයා කැමති මොනවටද? ඔයා ඔයාගෙ ජීවිතයේ තෘප්තිය දන්නවා......ඒ වගේම ඔයාට කවුද වෙන්න ඕනෙ කියලත් දන්නවා.....ඔයාගෙ talent ඔයා දන්නවා.....ඔයාගෙ හිත දන්නෙ ඔයා විතරමයි......
ඔයාට කවුද වෙන්න ඕනෙ කියලා ඒත් හිත හිතා ඉදල වැඩක් නෑ.....ඔයාට මේ මොහොතේ පැවරිලා තියෙන ඔයා පවරගෙන තියෙන වැඩ ඔයා කරල ඉවර කරන්න ඕනෙ....ඔයා දැන් ඉන්න තත්වෙට අරගෙන ආවෙත් ඔයාම තමයි.....ඔයා කැමති ජීවිතයක් තමා ඔයා ඔය ගෙවන්නෙ......ඔයාගෙ යටි සිතෙන් අහල බල්න්න එයා කියයි ඔව් කියලා........
හැබැයි ඔයා දැන් ඉන්න විදිහට කැමති නෑ කියලා හිතන්න ඒ වැරැද්ද කරෙත් ඔයාම තමයි........ගොඩක් වෙලාවට ඒ ඔයාගෙ කම්මැලි කම වෙන්න පුලුවන්.....ඔයාව fail කියන තත්වෙට ඔයාව පත්කරගත්තේ.......
දැන් පරණ කතා කොහොමත් වැඩක් නෑ......ඒව අත්දැකීම් කෙලවෙලා නම් ඉන්නෙ අලුතින් ජීවිතේ පටන් ගන්න.....නිවරදි තීරණ වගේම නිවරදි තෝරාගැනීම් ජීවිතයට ගන්න.....කවුරුත් කියන දේ අදාල වෙන්නෑ....ඔයාගැන දන්නෙ ඔයා......ඔයා නැගිටින්න ඕනෙ ඔයාගෙ හයියෙන්......ඒ හින්දා ඔයාගෙ ජීවිතේ risk එක ඔයා ගන්න......ඔයාගේ තීරණ තෝරාගැනීම් ඔයා ඔයාව satis පිට ගන්න.....ජීවිතේ ලස්සන වේවි....ජීවිතේ තෘප්තිමත් වේවි එතකොට.....
තවදෙයක් උඹලට කෙලවෙලානම් ඉන්නෙ දැන් පටන් ගනින් නැගිටින්න ලෝකෙම නතරවෙලා තියෙන මේ වෙලාවෙ උඹල බුදියගෙන ඉන්න එපා....නැගිටහල්ල.....උඹල්ගෙ ඇතුලෙ තියෙන දක්ෂතා වලින් වැඩ පෙන්නහල්ලා.......උඹට කාටහරි පෙන්නන්න ඕනෙනම් උඹ කවුද කියලා වැඩ පටන් ගනිල්ලා.......exam තියෙන උන් ඒක ගැම්මෙන් කරහල්ලා....ගෑණු පිරිමි අදාල නෑ හැමෝටම කියන්නෙ මේක.......මොනමහරි අභියෝග තියෙන නොතේරෙන subject තියෙන උන් ඒකට අවංකව කැප වෙයල්ලා.......ගැම්මෙන් ජීවිතේ දිහා බලහල්ලා......පොඩි තැනකින් පටන් ගනිල්ලා......උඹලට ජීවිතේ පටන් ගන්න පුලුවන්......මේ ලෝකේ fail කවුරුවත් නෑ......fail කියල හංවඩු ගහපු උන් හිටියනම් උන් තමයි මේ ලෝකේ වෙනස් කරේ......හැබැයි උන් අවංකව ඒ වෙනුවෙන් කැප උනා.....ඒ හින්දා උඹලට ජීවිතේ දිනන්න නම් අදම ජීවිතේ පටන් ගනින්.......
Nisal S Jayasekara https://goraps.com/fullpage.php?section=GotIt&pub=252975&ga=g
2 Comments
Digtm wede krgena ynn...dent kiyl dila tiyen tika terenw hodt...enisa blna ekkenek hri idine eylt godk meka wtinw..digtm krgen ynn good luck!!!!
ReplyDeleteThankz deshani.....
Delete